
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බෞද්ධාගමට, හින්දු ආගමට සහ ඉස්ලාම් ආගමට අපහාස වන අයුරින් සිදුකළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් සමාව ගත යුත්තේ ජෙරොම් ප්‍රනාන්දු මිස ඔහුගේ දෙමාපියන් නොවන බව රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.
ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා විසින් සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් සමාව අයැදීම සඳහා ප්‍රධාන බෞද්ධ නිකායික මහනාහිමිවරුන් (මහානාහිමිවරුන්) සම්බන්ධීකරණය කරදෙන ලෙස ඔහුගේ මාපියෝ පසුගියදා ඕමල්පේ සෝභිත හිමියන් හමුවී ඉල්ලීමක් කළහ.
ජෙරොම් ප්‍රනාන්දු බෞද්ධාගමට, හින්දු ආගමට හා ඉස්ලාම් ආගමට සහ ඒවායේ නිර්මාතෘවරුන්ට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් කරමින් ආන්දෝලනයට තුඩු දුන්නේය.
එම සිද්ධියෙන් ඉක්බිතිව ඔහු රටින් පිටව ගිය අතර, මුදල් විශුද්ධිකරණය ඇතුළු චෝදනා කිහිපයක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඔහුව විමර්ශනය කරනු ලබයි.
මේ පසුබිම මැද ප්‍රනාන්දුගේ මාපියන් සෝභිත හිමියන් හමුවී සියම් නිකායේ අස්ගිරි, මල්වතු පාර්ශ්වයේ මහනාහිමිවරුන් සහ රාමඤ්ඤ, අමරපුර නිකායේ මහනාහිමිවරුන් බැහැ දැක සමාව ගැනීමට අවස්ථාවක් සලසා දෙන ලෙස ඉල්ලා ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඕමල්පේ සෝභිත හිමියන් පවසන්නේ, බුදුදහමට බලපෑ දෙයක් සම්බන්ධයෙන් කිසිවකුට සමාව දිය නොහැකි බවයි.
“කවුරුහරි මට අපහාස කළා නම් මට සමාව දෙන්න තිබුණා. නමුත්, මට පොදු කාරණයකට සමාව දෙන්න බැහැ, මේක බුදුදහමේ ප්‍රශ්නයක්. අපිට තනියම ඒ ගැන තීන්දු ගන්න බැහැ. ප්‍රධාන වශයෙන් වගකිවයුතු පාර්ශවය වන්නේ මහ නාහිමිවරුයි. බුද්ධාගමට අදාළ කාරණා සම්බන්ධයෙන්.ඒ නිසා ඔවුන් මගෙන් සමාව ගැනීමෙන් පලක් නැහැ, ඒ වෙනුවට මහ නාහිමිවරුන්ගෙන් සමාව ගත යුතුයි. සමාව ගතයුත්තේ වරද කළ පුද්ගලයායි. පුතාගේ වරදට සමාව ගැනීමට දෙමාපියන්ට හැකියාවක් නැහැ. පළමුව, ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට පැමිණ තමන් කළ වරද පිළිගෙන ප්‍රකාශයක් කළ යුතුයි. එවිට ඔහුට මහනාහිමිවරුන් හමුවී සමාව අයැදිය හැකියි.” යැයි උන්වහන්සේ වැඩිදුරටත් පවසති.
(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart