
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාඩම් වැඩ නොකර අන්තර්ජාලයෙන් ‘ටික්ටොක්’ බලමින් සිටි බාලවයස්කාර පුතා සමඟ උරණ වී ඔහුගේ පිටුපස ප්‍රදේශය රත්කළ යකඩ කූරකින් පුළුස්සා තුවාල කළ පියකු දෙණියාය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසියට කට්ටිපනිමින් දින කිහිපයක් තිස්සේ සැඟවී සිටි දෙණියායේ පදිංචි 38 හැවිරිදි තිදරු පියකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුගේ බිරිය කාලයක් තිස්සේ අසනීප තත්ත්වයෙන් පසුවන්නියක් බවද පොලිසිය පවසයි.
මෙම පවුල සහ දරුවන් සම්බන්ධව පොලිසිය අධීක්ෂණයකින් කටයුතු කරයි.
ඉකුත් 26 වැනි දින රාත්‍රී කාලයේ මෙම ක්‍රියාව සිදුව ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත.
මෙදින උදෑසන පියා කුලීවැඩට ගොස් ඇත්තේ තමාගේ ජංගම දුරකතනය නිවෙසේ අමතක වී තබාය.
නිවෙසේ සිටි දරුවන් එම දුරකතනය රැගෙන ‘ටික්ටොක්’ වීඩියෝ නැරඹා ඇත.
සවස නිවෙසේ ආ පියා දරුවන්ට පාඩම් කිරීමට නියම කර රාත්‍රී ආහාර පිළියෙල කිරීමට මුළුතැන් ගෙට ගොස් ඇත.
මඳ වේලාවකින් දරුවන් පාඩම් කරනවා දැයි සොයා මුළුතැන් ගෙයි සිට පිටතට පැමිණ බැලීමේදී දැක ඇත්තේ දරුවන් සිය ජංගම දුරකතනය රැගෙන ටික්ටොක් වීඩියෝ බලන අයුරුය.
ඒ සම්බන්ධයෙන් උරණ වූ පියා ළිපෙහි වූ රත්වූ යකඩ කූරක් ගෙන සිය 13 හැවිරිදි වැඩිමහල් දරුවාගේ පිටුපස ප්‍රදේශය පුළුස්සා තුවාල කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මෙම සිදුවීම අනාවරණය වි ඇත්තේ පසුදින එම දරුවා පාසල් ගිය අවස්ථාවේදීය.
පියා විසින් යකඩ කූරකින් තම පිටුපස ප්‍රෙද්ශය පුළුස්සා තුවාල කළ බව දරුවා විසින් ගුරුවරුන්ට පැවසීමත් සමඟ විදුහල්පතිවරයා මැදිහත්ව දෙණියාය මූලික රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට දරුවා රෝහල්ගත කර ඇත.
අනතුරුව දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහරෝහල වෙත මාරුකර යවා තිබේ.
අත්අඩංගුවට ගත් පියා මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් දෙණියාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart