October 3, 2026

තිසරපටයේ සඟවාගෙන මත්කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකාරිය වූ ‘කුඩු බට්ටි’ නමැති කාන්තාවට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න විසින් ජීවිතාන්තය දක්වා වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ.

මෙලෙස සිරදඬුවම් නියම වූයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ජාහිර් පාතිමා රිසානා නමැති තිදරු මවකටය.

විත්තිකාරියට එරෙහිව ගොනුකර තිබූ චෝදනා පැමිණිලි පාර්ශ්වය විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට සමත් වීම හේතුවෙන් විනිසුරුවරිය මෙම තීන්දුව ලබාදුන්නාය.