February 1, 2026

අගරු චෙක්පත් නිකුත් කිරීමෙන් වංචා කළ බව කියන පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රු. 88,050,000 ක් වටිනා මැණික් ගල් නවයක් ලබාගැනීම සහ ඒවායේ වටිනාකමට රුපියල් 64,600,000ක් වටිනා අගරු චෙක්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් පුද්ගලයා කොල්ලුපිටියේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.