
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට රෝහල් පද්ධතිය තුළ අක්ෂි කාච සැත්කම් සාමාන්‍ය පරිදි සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එම සැත්කම්වල කිසිදු අවදානමක් නොමැති බව ද වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක ප්‍රකාශ කර තිබේ.
අක්ෂි කාච වල හිගයක් රට තුළ නොමැති බවද ඔවුන් සඳහන් කර ඇත.
කෙසේ වෙතත් සෞඛ්‍ය වෘත්තිය සමිති පවසන්නේ අක්ෂි කාච අඩුවක් නොමැති බව ප්‍රකාශ කර අමාත්‍යාංශයට වගකීමෙන් ගැලවිය නොහැකි බවය.
සාමාන්‍ය මිලදීගැනීම් ක්‍රමවේදයට වඩා රුපියල් මිලියන දෙසීයක් පමණ මසකට වැය කරමින් අක්ෂි කාච සැපයීම සාමාන්‍ය තත්ත්වයක් නොවන බව වෘත්තිය සමිති ප්‍රකාශ කරයි.
මසකට අවශ්‍ය අක්ෂි කාච ප්‍රමාණය සාමාන්‍ය මිලදී ගැනීම යටතේ මිලට ගැනීමට වෛද්‍ය සැපයුම් අංශයට හැකි විය යුතු බව ද වෘත්තිය සමිති සඳහන් කළේය.
පසුගිය කාලය තුළ වැඩි මිලට හදිසියේ කාච මිලදී ගැනීම සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් පැවතිණ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart