
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී ගිනිගෙන විනාශවූ එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවේ හිමිකරුවන් රුපියල් රුපියල් මිලියන 301ක වන්දියක් ලබාදීමට එකඟ වූ බව අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ පවසයි.
අධිකරණ ඇමැතිවරයාට අනුව සමාගම විසින් වන්දි මුදල ඩොලර් 878,000 ක් සහ රුපියල් මිලියන 16 ක් ලෙස ගෙවීමට එකඟ වී ඇත.
නෞකාවේ ගින්නෙන් විපතට පත් ධීවරයින් සඳහා වන්දි මුදල් බෙදාදෙන බව අධිකරණ ඇමැතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.
කෙසේවෙතත් මෙම නෞකාවෙන් ශ්‍රී ලංකා සාගර පරිසර පද්ධතියට සහ ධීවර කර්මාන්තයට සිදුවූ හානිය දළ වශයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන ඩොලර් බිලියන 10 ඉක්මවා යන බව පරිසර යුක්ති කේන්ද්‍රය පෙන්වාදී තිබේ.
එසේ තිබියදී අදාළ වන්දිය අඩුකර ගැනීම වෙනුවෙන් නෞකාවේ හිමිකාර සහ රක්ෂණ පාර්ශ්වයන් විසින් ශ්‍රී ලංකාවේ කිසියම් පාර්ශ්වයකට ඩොලර් මිලියන 250ක අල්ලසක් ලබාදී ඇති බව අධිකරණ ඇමතිවරයා විසින්ම පාර්ලිමේන්තුවේදී අනාවරණය කරන ලදී.
සිංගප්පූරුවේ ධජය සහිත බහාලුම් යාත්‍රාව 2021 මැයි 20 වන දින කොළඹට ඔබ්බෙන් ගිනිගන්නා අවස්ථාව වනවිට බහාලුම් 1488 ක් ප්‍රවාහනය කරමින් තිබිණි.
නයිට්‍රික් අම්ලය ටොන් 25 ක්, තෙල් ටොන් 348 ක් සහ ප්ලාස්ටික් නර්ඩ්ල් ලෙස හැඳින්වෙන කුඩා ප්ලාස්ටික් පෙති බිලියන 75 ක් ඇතුළුව භයානක යැයි වර්ගීකරණය කරන ලද භාණ්ඩ සහිත කන්ටේනර් 81 ක්ද එහි විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart