
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා නාවික හමුදාව කුච්චවේලී පොලිසිය හා එක්ව ත්‍රිකුණාමලය, කුච්චවේලි කසීනගර් ප්‍රදේශයේ ඊයේ දින (22) පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.
දිවා කාලයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු නිවසක් පරීක්ෂා කිරීමේදී, එහි සූක්ෂම ලෙස සඟවා තිබූ වෝටර් ජෙල් (Water Gel) නැමති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු පනස් හතරක් (54) සහ විදුලි නොවන ඩෙටනේටර් පනහක් (50) සමඟ සැකකාරියක් (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කර ඇත.
පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සාගරික පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් පසු වෙමින් සෝදසි මෙහෙයුම් සිදු කරනු ලබයි.
ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයත්නයේ නාවිකයින් සහ කුච්චවේලී පොලීසියේ නිලධාරීන් එක්ව ත්‍රිකුණාමලය කුච්චවේලී කසීම්නගර් ප්‍රදේශයේ අද දින (2023 මැයි 22) දිවා කාලයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, සැක කටයුතු නිවසක් පරීක්ෂා කිරීමේදී එහි සූක්ෂම ලෙස සඟවා තිබූ වෝටර් ජෙල් (Water Gel) නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කුරු පනස් හතරක් ( 54 ) සහ විදුලි නොවන ඩෙටනේටර් පනහක් (50) සමඟ සැකකාරියක් (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, නීති විරෝධි ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදුකරනු ලබන ධීවර කටයුතු සදහා යොදාගැනීමට මෙම වාණිජ පුපුරණ ද්‍රව්‍ය තොගය මෙලෙස සූක්ෂම ලෙස සඟවා තබන්නට ඇතැයි විශ්වාස කෙරේ.
මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකාරිය (01) වයස අවුරුදු 21 ක් වන කුච්චවේලි කසීම්නගර් ප්‍රදේශයේ පදිංචිකාරියක බවට හඳුනාගන්නා ලද අතර, අත්අඩංගුවට ගත් සැකකාරිය (01), වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කුරු පනස් හතරක ප්‍රමාණය (54), විදුලි නොවන ඩෙටනේටර් පනහක ප්‍රමාණය (50) ඉදිරි නිතිමය කටයුතු සඳහා කුච්චවේලී පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart