March 11, 2026

ඉරානය සමඟ එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය ඉතිහාසයේ විශාලතම තෙල් සැපයුම් බාධාවකට තුඩු දී ඇති අතර, තීරණාත්මක හෝමූස් සමුද්‍ර සන්ධිය තවමත් වසා දමා ඇත.

ඇතැම් විශේෂඥයින් ඇස්තමේන්තු කර ඇත්තේ මාර්තු අවසානය වන විට තෙල් බැරලයක මිල ඩොලර් 150 දක්වා ළඟා වියහැකි බවයි.

විශ්ලේෂණ සමාගමක් වන Kpler හි මැද පෙරදිග බලශක්ති සහ OPEC+ Insights හි ප්‍රධානී අමීනා බකර් CNN හි බෙකී ඇන්ඩර්සන්ට පැවසුවේ, “මේ ආකාරයෙන් සමුද්‍ර සන්ධියේ අඛණ්ඩ පැවැත්මක් අවහිර වන බව අපට පෙනේ නම් … තෙල් මිල පහසුවෙන් එම මට්ටමට ඉහළ යා හැකිය.” යනුවෙනි.

ගැටුම අවසන් වන්නේ කවදාද යන්න පිළිබඳව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මිශ්‍ර සංඥාවෙන් පසුව තෙල් මිල ඩොලර් 100ට වඩා පහත වැටුණද, සමුද්‍ර සන්ධියේ ආරක්ෂක තර්ජන හේතුවෙන් මැදපෙරදිග තෙල් අපනයනකරුවන් ගණනාවක් නිෂ්පාදනය නතර කර ඇති බැවින් ප්‍රවේශම් වන ලෙස බකර් උපදෙස් දුන්නේය.

සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන යාත්‍රාවලට එක්සත් ජනපද නාවික නැව් මගින් සහාය වන බවට ජනාධිපතිවරයාගේ මෑත කාලීන සහතික කිරීම් ප්‍රධාන ප්‍රවාහන මාර්ගය භාවිත කිරීම පෙළඹවීමට එතරම් දෙයක් කර නොමැති බව බකර් පැවසීය.

“ට්‍රම්ප් ගැටුම අවසන් කරන්න ළඟයි කියලා කිව්ව නිසා සමුද්‍ර සන්ධිය තරණය කරන තරමට යාත්‍රා එක රැයකින් හරිම නිර්භීත වෙනවා අපිට පේන්නේ නෑ. ඒක වෙළඳපොළ කෙරෙහි විශ්වාසය නැවත ඇති කරලා නැහැ” ඇය තවදුරටත් පැවසුවාය.