
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පනවා ඇති නිෂ්පාදන බද්ද හේතුවෙන් මෑතක දී දුම්වැටි මිල ඉහළ යෑම සහ දුම්වැටි පාරිභෝගිකයන් බීඩිවලට මාරුවීම නිසා, ඉදිරි කාලය තුළ බීඩි මත එකතු වන දුම්කොළ ආදායම මෙම වසරේ ඉහළ යනු ඇතැයි ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බව වාර්තා වේ.
සුරාබදු දෙපාර්තමේන්තුවේ බදු තීරණය වන්නේ මූලික මූලාශ්‍ර දෙකක් මත පමණක් වන අතර, ඒ මත්පැන් සහ දුම්කොළවලින් එකතු කරන ලද සුරාබදු ආදායම බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කරයි.
බදු ඉහළ දැමීම හේතුවෙන් ඇති වූ ප්රවණතා සහ ඉදිරි කාලය සඳහා එකතු කළ හැකි ආදායම පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුව නැවත ඇගැයීමට ලක්කිරීමට නියමිත බවත්, එබැවින් එවැන්නක් මෙතෙක් හෙළිකළ නොහැකි බවත්, සුරාබදු වැඩිකිරීමෙන් අපේක්ෂිත බදු ආදායම කොපමණද යන්න පිළිබඳව කළ විමසීමකදී නියෝජ්‍ය කොමසාරිස්වරයා සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, මෙම වසරේ මුල් මාස පහ තුළ සුරාබදු දෙපාර්තමේන්තුවේ බදු ආදායම සියයට 20කින් පමණ අඩු වී ඇති බවත්, බදු වැඩි කිරීමත් සමඟ පාරිභෝගිකයන් වියදම් කිරීමට පෙළඹීමේ අඩුවක් දක්නට ඇති බවත්, ඔහු වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart