March 27, 2026

ලෝකයේම ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කර තිබෙන ඉරානය යුද්ධය අවසන් වන්නේ කවදා ද යන්න අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවා නොදන්නා බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මේ බව පැවසූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ යුද්ධය හෙට දිනයේ නැවතුන ද එහි ප්‍රතිවිපාකය මූල්‍ය අංශය තුළින් දිගුකාලීන බලපෑම් එල්ල කරනු ඇති බවයි.

ප්‍රධාන වශයෙන් ජීවන වියදම ඉහළ ගොස් ජනජීවිතයට ගැටලු මතුකරනු ඇතැයි ද මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේය.

එමෙන්ම ඔහු කියා සිටියේ ඒ ඔස්සේ රටේ සමස්ථ වියදම ඉහළ ගොස් ප්‍රාග්ධන වියදම් ද ඉහළ යනු ඇති බවයි.