
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එවකට බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමැති වත්මන් වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට බලහත්කාරයෙන් ඇතුළු වී කිහිපදෙනකු බිය ගැන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ ඒක පුද්ගල කමිටුව විසින් නිර්දේශ කර ඇති ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය මෙතෙක් අසමත් වී ඇත.
ඊට හේතුව අදාළ කමිටු වාර්තාව තවමත් කැබිනට් මණ්ඩලයට යොමුකර නොමැති වීමයි.
කැබිනට් මණ්ඩලයේ උපදෙස් පරිදි එවකට අධිකරණ ඇමැති සහ වත්මන් විදේශ කටයුතු ඇමැති අලි සබ්රි විසින් එම සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධනගේ සාමාජිකත්වයෙන් යුත් ඒක පුද්ගල කමිටුවක් පත්කරන ලදී.
කමිටුව සිය අවසන් වාර්තාවේ නිර්දේශ කර ඇත්තේ රත්වත්තේට එරෙහිව මිනීමැරීමට තැත්කිරීම් ඇතුළු චෝදනා කිහිපයක් යටතේ බී වාර්තාවක් ගොනු කිරීමට පොලිසියට බලය පවතින බවයි.
පොලිසිය අදාළ නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ දැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ නීතිඥ නිහාල් තල්දූවගෙන් විමසූ විට, ඔහු පවසා ඇත්තේ, අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එම කමිටුව පත් කළ අදාළ පාර්ශ්වය තීරණයක් ගන්නා තුරු එය කළ නොහැකි බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් පලකරන අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්ත පෙරේරා කියා සිටියේ එම වාර්තාව කැබිනට් මණ්ඩලයට යොමු කර නොමැති බවයි.
“එය කැබිනට් මණ්ඩලයට යවා නැහැ. කෙසේ වෙතත් එය විමර්ශනය කරන ලෙස ඉල්ලා සිටි ආයතනයට එය යොමු කර තිබෙනවා.” යැයි ඇය පවසා ඇත.
2021 සැප්තැම්බරයේදී, බීමතින් පිස්තෝලයක් රැගත් රත්වත්තේ රාජ්‍ය ඇමැතිවරයා හෙලිකොප්ටරයකින් අනුරාධපුර බන්ධනාගාරය වෙත පියාසර කර ඇති බවත්, එහිදී දෙමළ දේශපාලන සිරකරුවන් පිරිසක් කැඳවා දණගස්වන ලෙස අණ කර ඔවුන්ගේ වැරදි පිළිගන්නා ලෙස ඔවුන්ට පවසමින් තර්ජනය කළ බවත් වාර්තා විය.
මෙම සිද්ධියට පෙර රත්වත්තේ රාජ්‍ය ඇමැතිවරයා මිතුරන් පිරිසක් සමඟ මත්පැන් පානය කර පස්වරු 06 න් පසු වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළුවී එල්ලුම් ගහ නැරඹීමට ගිය බවටද චෝදනා එල්ලවිය.
(Daily Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart