
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (21)රාත්‍රියේ වීථි සංචාරය කෙරේ.
පෙරහැර මංගල්‍ය නැරඹීම සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් සියලු පහසුකම් සළසා ඇතැයි මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක පවසයි.
ඒ සඳහා රාජ්‍ය නිලධාරින් 600 ක් පමණ යොදවා ඇති බව නාගරික කොමසාරිස්වරයා සඳහන් කරයි.
බවුසර් මගින් ජලය බෙදාහැරීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බව ද ඔහු පවසයි.
මේ අතර , මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට සමගාමීව විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.
ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් පවසන්නේ, පෙරහැර කාලසීමාව තුළ බස් රථ 350 ක් පමණ ධාවනයට එක්කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart