February 13, 2026

ලිංගික අපරාධකරුවකු ලෙස නම්කර ඇති ජෙෆ්රි එප්ස්ටයින් සම්බන්ධයෙන් පළවන නව වාර්තා සමග, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ හිටපු සහායිකා මැඩලීන් වෙස්ටර්හවුට් පැවැත්වූ සම්බන්ධතාවක් පිළිබඳවද තොරතුරු වාර්තා වේ.

මෑතකදී නිකුත් කරන ලද එප්ස්ටයින් ලිපිගොනුවලින් හෙළිවන්නේ ට්‍රම්ප් ඔහුගේ හිටපු ලේකම්වරියක වූ 28 හැවිරිදි මැඩලීන් වෙස්ටර්හවුට් සමග සිදුකළ ‘රති කෙලිය’ ගැන පුරසාරම් දෙඩූ බවයි.

ඔහු නිවාඩු සඳහා මෙලනියා සමඟ මාර්-ඒ-ලාගෝ වෙතයෑම මඟ හැර ධවල මන්දිරයේ රැඳීසිටිමින් වෙස්ටර්හවුට් සමඟ ලිංගිකව හැසිරී ඇති බව එම වාර්තාවල සඳහන් වේ.

මෙම වාර්තා විමර්ශකයින් සහ දේශපාලන නායකයින් විසින් පරීක්ෂා කළ පිටු දහස් ගණනකින් සමන්විත එකතුවක කොටසකි.

කෙසේවෙතත්, අන්තර්ජාලයේ බෙදා හැරෙන කොටස් මඟින් එම චෝදනා සත්‍යද නැද්ද යන්න තහවුරු නොවේ.

මේ වන විට වෙස්ටර්හවුට් එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

ඒ සම්බන්ධයෙන් පළවන වාර්තා අනුව, එම සංවාදයේ කටු සටහනක් හෝ විද්‍යුත් තැපැල් පණිවිඩයක් පවතින අතර එහි කොටස් සමාජ මාධ්‍යවල පැතිරීමෙන් පසු ජාත්‍යන්තර ජනමාධ්‍ය ඔස්සේ අවධානයට ලක්ව තිබේ.