January 23, 2026

සේවක අර්ථසාධක මුදල යටතේ පවතින එකවර ලබා ගත හැකි පාරිතෝෂිත මුදල් විශ්‍රාම වැටුපක් බවට පත් කිරීම සම්බන්ධයෙන් පවතින යෝජනාව පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් විමසා සිටියේය.

ඔහු එහිදී පැවසුවේ එවැනි යෝජනාවක් පිළිබඳ ඉකුත් 07 වනදා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් සිදු කර තිබූ බවයි.

එම ප්‍රකාශය පෞද්ගලික අංශයේ සේවකයින්, විශ්‍රාමිකයින් සහ වෘත්තීය සමිති සාමාජිකයින් දැඩි නොසන්සුන්තාවට පත් කළ ප්‍රකාශයක් වූ බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ මෙය 2011 වසරේ පුද්ගලයෙකුගේ මරණයක් සඳහා ද තුඩු දුන් මතභේදාත්මක යෝජනාවක් නැවත කරළියට ගෙන ඒමක් බවයි.