
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්දින ලෝක කුසලානයේ ආරම්භක ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය ලෝක ක්‍රිකට් වාර්තාවක් ඊයේ නවසීලන්තයට එරෙහිව පිහිටුවනු ලැබීය.
ඒ කණ්ඩායමක පිතිකරුවන් 11 දෙනාම ලකුණු 10 සීමාව පසුකිරීමේ වාර්තාවයි.
අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදී ඊයේ (05)පස්වරු 02ට ආරම්භ වු ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය වූ මෙහි කාසියේ වාසිය නවසීලන්තය දිනාගනිමින් එංගලන්තයට පන්දුවට පහරදීමට ආරධනා කරනු ලැබීය.
කේන් විලියම්සන් නොමැතිව ටොම් ලෙතම් නවසීලන්ත කණ්ඩායම මෙහෙයවනු ලැබීය.
ඒ අනුව,එංගලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 282ක් රැස්කළේය.
ජෝ රූට් ලකුණු 77ක් ලබාගත් අතර නවසීලන්තයේ මැට් හෙන්රි කඩුලු 03ක් බිඳහෙළීය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයේ පළමු කඩුල්ල ලෙස විල් යංග් ඉනිම ලකුණු 10ක්ව තිබියදී දැව්ගිය අතර, දෙවැනි කඩුල්ලට පිටියේ එක්වූ ඩෙවොන් කොන්වේ සහ රචින් රවින්ද්‍ර ලකුණු 273ක සබදතාවක් පැවැත්වූහ.
ඒ අනුව,නවසීලන්තය පන්දුවාර 36යි පන්දු 02ක් අවසානයේ කඩුලු 01ක් පමණක් දැවී ලකුණු 283ක් ලබාගනිමින් 2023 එක්දින ලෝක කුසලානයේ පළමු තරගයේදී, පසුගිය තරගාවලියේ අවසන් තරගයේදී සිය කණ්ඩායම අනුශුරයන් බවට පත්කළ එංගලන්තය පරාජයට පත් කළේය.
නවසීලන්තය ජයග්‍රහණය කරා ගෙන යමින් විශිෂ්ට ඉනිමක් ක්‍රිඩා කළ ඩෙවොන් කොන්වේ නොදැවී ලකුණු 152ක් සහ රචින් රවින්ද්‍ර නොදැවි ලකුණු 123ක් රැස් කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart