
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ වැඩිවන මෙහෙයුම් පවත්වාගෙන යෑමට අවශ්‍ය බලපත්‍රලාභී ගුවන් යානා ඉංජිනේරුවන්ගේ විශාල හිඟයක් නිර්මාණය වී ඇති බවට ශ්‍රීලංකන් ගුවන් සේවයේ බලපත්‍රලාභී ගුවන් යානා ඉංජිනේරුවන්ගේ සංගමය (ALAE) අනතුරු අඟවා ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ALAE පෙන්වාදෙන්නේ, ශ්‍රීලංකන් ගුවන් සේවයේ මගීන් සඳහා ඉහළම මට්ටමේ ගුවන් යානා නඩත්තු කිරීම සහ ආරක්ෂාව සැපයීම සහතික කිරීම වෙනුවෙන් දැනට සේවයේ නියුතු නිපුණ වෘත්තිකයන්ගේ රට හැරයෑම පිළිබඳව දැඩි අවධානයක් යොමුකිරීම අත්‍යවශ්‍ය බවයි.
දක්ෂ වෘත්තිකයන් සඳහා පෙර නොවූ විරූ ඉල්ලුමක් පවතින අතර, ගෝලීය සංචාරවල වර්තමාන වැඩිවීම හේතුවෙන් සිය ශ්‍රම බලකායේ 25% ක අඩුවීමක් සිදුවී ඇති බව ALAE අනාවරණය කරයි.
ALAE තවදුරටත් පවසන්නේ, කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් ගුවන් යානා බාහිර නඩත්තු පරීක්‍ෂණ සඳහා යොමුකරන අතර, එමඟින් ඩොලර් මිලියන ගණනක් රටින් පිටවීමට සිදුවන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart