
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු වාට්ටුවට මහ රාත්‍රියේ යතුරුපැදියකින් කඩාවැදුණු තරුණයන් දෙදෙනකු රෝහල් සේවකයෙකුට පරිගණක මුද්‍රණ යන්ත්‍රයකින් හිසට පහරදීම නිසා ඔහු බරපතළ ලෙස තුවාල ලබා පෙරේදා (28 දා) රාත්‍රී රෝහල්ගත කොට තිබේ.
යතුරුපැදියෙන් රෝහලේ හදිසි අනතුරු වාට්ටුව තුළටම පැමිණි තරුණයන් දෙදෙනා අධික ලෙස බීමත්ව සිට ඇති අතර යතුරුපැදිය පදවාගෙන ආ පුද්ගලයා ප්‍රකාශ කොට ඇත්තේ තමන් සමග සිටින අනෙක් තැනැත්තා කඩු ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා සිටින බැවින් ඔහුට ඉක්මනින් ප්‍රතිකාර කළ යුතු බවයි.
ඒ ගැන රෝහල් සේවකයකු ප්‍රශ්න කිරීමත් සමගම රෝහලේ පරිගණකයට සවිකොට තිබූ මුද්‍රණ යන්ත්‍රය ගලවා ඉන් එම රෝහල් සේවකයාගේ හිසට පහර දී තිබේ.
මේ කලබලය නිසා සෙසු සේවකයන් පැමිණ ඔවුන් දෙදෙනාව අල්ලා ගැනීමට ගිය අවස්ථාවේදී ඔවුන් පැමිණි යතුරු පැදියෙන්ම පලාගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව රෝහලේ හා නගරයේ සී.සී.ටී.වී. කැමරා පද්ධති පරික්ෂාවට ලක්කිරීමෙන් පසුව යතුරුපැදියත් සමග එම තරුණයන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ සංගමය උතුරු පළාත් ආණ්ඩුකාරවරිය වෙත ලිපියක් යවමින් රෝහල් සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව වහාම සහතික කරන ලෙස ඉල්ලීමක් කොට තිබේ.
යාපනය ශික්ෂණ රෝහල තුළට කඩා වදින බාහිර පුද්ගලයන් රෝහල් සේවකයන්ට ප්‍රහාර එල්ල කිරීම මෑතක සිට වැඩි වී ඇති නිසා සේවක සේවිකාවන්ට දැනට පවතින ආරක්ෂාවට වඩා දැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව වෛද්‍ය සංගමය විසින් ආණ්ඩුකාර වරියට යවන ලද ලිපියේ සඳහන් කොට තිබේ.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart