
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය එලෝන් මස්ක් විසින් පිළිගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔහුගේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාවේ දියත් කිරීමේ අවස්ථාව සඳහා ඔහු පැමිණෙනු ඇත.
ජනාධිපති වික්‍රමසිංහ සහ දේශගුණික කටයුතු පිළිබඳ ඔහුගේ උපදේශක රුවන් විජේවර්ධන ඉන්දුනීසියාවේ බාලිහිදී ඊයේ එලොන් හමුවූ අතර පුනර්ජනනීය බලශක්තිය, කෘත්‍රිම බුද්ධිය (AI) සහ ලෝක දේශපාලනය ඇතුළු මාතෘකා රැසක් පිළිබඳ එහිදී සාකච්ඡා වී තිබේ.
කෙසේවෙතත්, එලොන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ නිශ්චිත දිනයන් මෙතෙක් සඳහන් වී නොමැත.
ඒ සඳහා අවශ්‍ය කටයුතු අවසන් කිරීමට ශ්‍රී ලංකා රජය එලොන්ගේ කණ්ඩායම සමඟ සම්බන්ධ වී කටයුතු කරනු ඇත.
“ඒ සියල්ල රඳා පවතින්නේ ශ්‍රී ලංකාව අනුමත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ආකාරය මතයි. එය සිදු වූ විගස, ස්ටාර්ලින්ක් දියත් කිරීමට එලොන් ශ්‍රී ලංකාවට පැමිණේවි. ඔහු වසර අවසානයේදී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි තාවකාලිකව කියන්න පුළුවන්” යනුවෙන් අභ්‍යන්තර තොරතුරු දත් මුලාශ්‍රයක් හෙළිකර තිබිණි.
ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ඉන්දුනීසියාවේ දියත් කිරීම සඳහා ටෙස්ලා සහ ස්පේස්එක්ස් හි ප්‍රකෝටිපති ප්‍රධානියා සහ X සමාජ වේදිකාවේ හිමිකරු වන එලොන් මස්ක් ඉන්දුනීසියාවේ බාලි සංචාරක නිකේතනයට පැමිණ තිබිණි.
ස්ටාර්ලින්ක් සේවාව ශ්‍රී ලංකාව තුළ දියත් කිරීම සඳහා එලෝන් අයදුම්පතක් එවා තිබූ අතර, එම ක්‍රියාවලිය කඩිනම් කිරීමට ජනාධිපතිවරයා එකඟ වී තිබේ.
මෙවැනි අන්තර්ජාල සේවාවක් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය අධ්‍යාපනය දියුණු කිරීමට ඉවහල් වන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
එලොන් මස්ක් ඔහුගේ වර්තමාන සංචාරය අතරතුර, විවිධ කාල කලාප තුනක් හරහා විහිදෙන දූපත් 17,000කින් යුත් දූපත් සමූහයක් වන ඉන්දුනීසියාවේ අන්තර්ජාල සේවාව දියත් කරනු ඇත.
Starlink’s Internet Constellation යනු වාණිජ චන්ද්‍රිකා ඉතිහාසයේ විශාලතම ජයග්‍රහණවලින් එකකි.
සාම්ප්‍රදායික චන්ද්‍රිකාවලට වඩා ඉතා පහළින් පෘථිවිය වටා කක්ෂගත වන අතරතුර තාරකා මණ්ඩලයක් ලෙස ක්‍රියා කරන කුඩා චන්ද්‍රිකාවල නව වින්‍යාසයක් භාවිත කරමින් ඒ ඔස්සේ ආසන්න වශයෙන් බ්‍රෝඩ්බෑන්ඩ් හැකියාව ඇති වේගයන් සහ කාර්ය සාධනය ගෙන ඒමට මෙමගින් හැකි වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart