
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලබන මාසයේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාවේ ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) ලාභ සහ මූල්‍ය තත්ත්වය පිළිබඳ නිවැරදි දත්ත සඟවා ඇති බවට විදුලි පාරිභෝගික සංගමය චෝදනා කරයි.
ජනවාරි 12 වන දින, ලංවිම වැඩබලන සාමාන්‍යාධිකාරී, ඉංජිනේරුනරේන්ද්‍ර සිල්වා, පෙබරවාරි 01 සිට බලපැවැත්වෙන පරිදි සාමාන්‍ය 3.34% කින් විදුලි ගාස්තු අඩුකිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ඉල්ලා අදාළ යෝජනාව ලිඛිතව යවන ලදී.
The Daily Morning වෙත අදහස් දක්වමින් විදුලි පාරිභෝගික සංගමයේ ප්‍රධාන ලේකම් සංජීව ධම්මික පවසා ඇත්තේ, ලංවිමට පසුගිය වසරේ රුපියල් බිලියන 65ක ලාභයක් ලැබී ඇති නමුත්, ඔවුන් (ලංවිම) මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති යෝජනාවේ අදාළ දත්ත සඟවා ඇති බවයි.
“මේ යෝජනාවේ වැඩි වියදමක් ගැන ලංවිම සඳහන් කරලා තියෙනවා. උදාහරණයක් ලෙස, පසුගිය වසරේ සම්ප්‍රේෂණ සහ බෙදා හැරීමේ පිරිවැය රුපියල් බිලියන 70ක් වුවත් මෙම යෝජනාවේ සඳහන් වන්නේ එය මෙම වසර සඳහා බිලියන 145 වනු ඇති බවයි. ගිය වසරේ ජනන වියදම රු. බිලියන 80 ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙන නමුත් එය මේ වසරේ බිලියන 135ක් වනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කරනවා. නමුත් ඔවුන් පසුගිය වසරේ උපයාගත් ලාභයට අදාළ සත්‍ය දත්ත සඳහන් කර නැහැ” යැයි හෙතෙම චෝදනා කරයි.
ලංවිම මහජන උපයෝගිතා කොමිෂන් සභාව නොමග යවා ඉතා අඩු ගාස්තුවකින් විදුලි බිල අඩුකිරීමට උත්සාහ කරන බවටද විදුලි පාරිභෝගික සංගමය වැඩිදුරටත් චෝදනා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart