October 6, 2024

දේශපාලන පක්ෂ 6ක් අක්‍රීය කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

ලේකම් ධූර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් එම තීරණය ගෙන ඇතැයි පැවැසේ.

ඒ අනුව, ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ලංකා පොදුජන පක්ෂය, එක්සත් ලංකා මහා සභා පක්ෂය, ලංකා ජනතා පක්ෂය සහ ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණට ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට අවස්ථාව නොලැබෙනු ඇත.

ගැටලුකාරී තත්ත්වයන් නිරාකරණය කරගැනීම සඳහා පක්ෂ කිහිපයක නියෝජිතයන් කැඳවා සාකච්ඡා කළ ද ඒවා සාර්ථක නොවූ බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

එම තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම තීරණයට එළැඹි බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් පවසයි.

42.31%
17.27%
32.76%