
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මහාධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයේදී, ගිරිතලේ තුන්වැනි සන්නද්ධ බුද්ධි බළකා කඳවුරේ රඳවාගෙන සිටි හිටපු එල්ටීටීඊ සාමාජිකයකු වන සුමතිපාල සුරේෂ් කුමාර් නොහොත් ‘මුරලි’ විසින් එම කඳවුරේ සිටි හමුදා නිලධාරීන් හතරදෙනකු විවෘත අධිකරණයේදී හඳුනාගත්තේය.
සාක්ෂිකාර සුමතිපාල සුරේෂ් කුමාර් 2009 වසරේ සිට 2013 දක්වා කාලය තුළ ගිරිතලේ යුද හමුදා බුද්ධි බලකා කඳවුරේ රඳවා සිටි බවට ඔහු සාක්ෂි ලබාදුන් අතර, එසේ රඳවා තබාගෙන සිටියදී පළමු චුදිතගේ සිට සිවුවැනි චූදිත දක්වා වූ පිරිස සහ තවත් අය එම කඳවුරේ සිටි බව ද පසුගියදා ඔහු සඳහන් කළේය.
ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ 2009 අගෝස්තු 27 වැනිදා පැහැරගෙන යාම සම්බන්ධයෙන් චුදිතයන් හත්දෙනකුට එරෙහිව නීතිපතිවරයා හෝමාගම මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර තිබේ.
එක්නැලිගොඩ 2009 අගෝස්තු 27 වැනිදා පැහැරගෙන ගොස් අතරමග දමා ගොස් තිබුණු අතර, ඉන්පසු 2010 ජනවාරි 24 වැනිදා පැහැරගෙන ගොස් අතුරුදන් කර තිබිණි.
2010 ජනවාරි 24 වැනිදා එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන්කිරීම ගැන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයක නඩුව විභාගය සිදුවෙයි.
තමන් ගිරිතලේ කඳවුරේ රඳවා තබාගෙන සිටියදී හමුදා නිලධාරීන් දුරකතනයක් ලබාදී ඔවුන් ලබාදෙන අංකවලට ඇමතුම් ගැනීමට උපදෙස් දෙන බවත්, එම ඇමතුම් ගත් අය අතර විදෙස් රටවල සිටින අය ද සිටින බවත්, 2010 ජනවාරි 24 වැනිදා එක්නැලිගොඩටද දුරකතන ඇමතුම් ලබාගත් බවත් සුමතිපාල සඳහන් කළේය.
(උපුටාගැනීම – සිළුමිණ පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart