
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෞද්ගලික බස්රථ හිමියන් අතර දේශපාලනඥයන්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, දේශීය ආදායම් බදු සහ රේගු නිලධාරීන් වැනි පුද්ගලයන් සිටින බැවින්, එම බස් රථ ධාවනය නියාමනය කිරීම අභියෝගයක්ව ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන චෝදනා කරයි.
අනවසරයෙන් රිය පැදවීම, මගීන්ට ප්‍රවේශපත්‍ර ලබානොදීම, අධික වේගයෙන් ධාවනය කිරීම සහ කාලසටහන්වලට අනුකූල නොවීම ආදී හේතු, මගී ප්‍රවාහන සේවයේ සියයට 50ක කොටස්වලට වගකියන පෞද්ගලික බස්රථ හිමියන්ට එල්ල වන ප්‍රධාන චෝදනා වේ.
රට පුරා පෞද්ගලික බස්රථ ධාවනය නියාමනය කිරීම සැමවිටම අභියෝගයක් වී ඇති බවත්, ඇතැම් මාර්ගවල ධාවනය වන බස්රථ සංඛ්‍යාව ඉහළ නැංවීම පවා කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවත්, ඇමැතිවරයා පෙන්වාදෙයි.
මාර්ග බලපත්‍ර නොමැතිව ධාවනය වන බස් රථ තිබෙන අතර, ඇතැමුන් තාවකාලික මාර්ග බලපත්‍ර මත තම බස්රථ මාර්ගවල ධාවනය කරන බවත්, තෝරාගත් මාර්ගවල බස්රථ ධාවනය කිරීමට ටෙන්ඩර් කැඳවීමට සැලසුම් කර තිබෙන බවත්, ඇමැතිවරයා වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart