
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ මැති ඇමැතිවරුන් තවත් පස්දෙනකුගේ ආචාර්ය උපාධි ඇතුළු අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ගණනාවක් ප්‍රබල ලෙස සැක මතුකර ඇත.
‘ලංකාදීපය’ වාර්තා කර ඇති ආකාරයට, නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලකගේ ආචාර්ය උපාධිය හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිගේ ඉංජිනේරු උපාධිය ඇතුළු පස්දෙනකුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවී තිබේ.
එසේම ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ලබාගැනීමට ද එම දේශපාලන පක්ෂ මේ දිනවල කටයුතු කරමින් සිටී.
මේ අතර ජාතික ජන බලවේගයේ සමහර මන්ත්‍රීවරුන් සිය ෆේස්බුක්වල සටහන් කර තිබූ යම් යම් අධ්‍යාපන සුදුසුකම් හදිසියේම ඉවත් කරගෙන ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවැසේ.
කෙසේවෙතත් එම ෆේස්බුක් ගිණුම්වල ඉතිහාසය ( HISTORY) කොටස පරීක්ෂා කිරීමේදී එම ඉවත් කිරීම් මෙයට දින කිහිපයකට පෙර කර ඇති බව පැහැදිලි වන්නේ යැයි විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් පැවැසීය.
සමහර මන්ත්‍රීවරුන් මෙම අධ්‍යාපන සුදුසුකම් මහ මැතිවරණයේ ප්රචාරක පත්‍රිකාවල බැනර් සහ පෝස්ටර්වල පැහැදිලිවම සඳහන් කර තිබූ බව විපක්ෂයේ දේශපාලන පක්ෂ චෝදනා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart