March 13, 2026

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව පවරා ඇති නඩුවට අදාළව මාර්තු 26 වැනි දින විත්තියේ සාක්ෂි ඉදිරිපත් කරන ලෙස කොළඹ විශේෂ මහාධිකරණ නඩු විභාගයේදී නියෝග නිකුත්කර තිබේ.

පූර්ව බුද්ධි අනතුරු ඇඟවීම් ලැබී තිබියදීත්, 2019 පාස්කු ඉරිදා ප්‍රහාර වැළැක්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ගොනුකර ඇති නඩුවට අදාළව මෙම නියෝගය නිකුත් කර ඇත.

අද (13) නඩුව විභාගයට ගත් අවස්ථාවේදී හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන දෙදෙනාම අධිකරණයේ පෙනී සිටි බව වාර්තා විය.