
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගණිකා වෘතියෙන් මුදල් උපයා දේපළ සහ සුඛෝපභෝගී මෝටර් රථ ඇතුළු රුපියල් මිලියන 100කට අධික ධනයක් රැස් කළ බව 24 හැවිරිදි කාන්තාවක පොලිසියට පාපොච්චාරණය කර තිබේ.
දෙස් විදෙස් ධනවත් පුද්ගලයන්ගේ අනුග්‍රහය ලබන බව කියන කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී මෙම තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
පානදුර වලාන මර්දන ඒකකය විසින් සිදුකළ වැටලීමකදී තායිලන්ත කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අතර සිටින 24 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවට සුඛෝපභෝගී මෝටර් රථ තුනක්, රුපියල් කෝටි 10කට අධික දේපළ සහ පිළියන්දල ප්‍රදේශයේ ඉදිකරමින් පවතින තෙමහල් නිවසක් තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ප්‍රශ්න කිරීම්වලදී මෙම තොරතුරු අනාවරණ වී ඇති අතර, එහිදී අදාළ කාන්තාව සිය වෘත්තියෙන් ධනය එක්රැස් කර ඇති බව හෙළි කර ඇතැයි පොලිසිය පවසයි.
මෙහි කළමනාකරු සහ මෙම ජාවාරම පිටුපස සිටි ප්‍රධාන සැකකරු වූ හිටපු හමුදා නිලධාරියෙක් ද අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වේ.
කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කරන ලද සෝදිසි වරෙන්තුවක් මෙම වැටලීම සිදු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart