March 26, 2026

ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර්ගේ ප්‍රංශ සංචාරයක් සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

ප්‍රංශයේ යුරෝපා සහ විදේශ කටයුතු අමාත්‍ය ජීන්-නොයෙල් බැරෝ (Jean-Noël Barrot) මහතාගේ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදු කෙරේ.

එම අමාත්‍යංශය පැවසුවේ මාර්තු 26 සහ 27 යන දිනවල ප්‍රංශයේ ‘Abbaye des-Vaux-de-Cernay’ හි පැවැත්වෙන G7 විදේශ අමාත්‍යවරුන්ගේ සහ හවුල්කාර රටවල් අතර හමුවට සහභාගී වීම සඳහා විදේශ අමාත්‍යවරයාගේ මෙලෙස ප්‍රංශයේ සංචාරය කරනු ඇති බවයි.

තවද, මෙම G7 විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට සමගාමීව, විදේශ අමාත්‍යවරයා අනෙකුත් රටවල තම පාර්ශවකරුවන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

G7 විදේශ අමාත්‍යවරුන්ගේ හමුවේදී සාකච්ඡා කිරීමට නියමිත ප්‍රධාන මාතෘකා කිහිපයක් ලෙස ගෝලීය ආරක්ෂාව සහ ගැටුම්, ඉන්දු-පැසිෆික් කලාපීය සහයෝගීතාව, ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව, දේශගුණික විපර්යාස සහ බලශක්ති සුරක්ෂිතතාව සහ කෘතිම බුද්ධිය (AI) සහ තාක්ෂණය දක්වා ඇත.

ආචාර්ය එස්. ජයශංකර් මෙම හමුවට සහභාගී වීම හරහා ඉන්දියාව සහ G7 රටවල් අතර පවතින සබඳතාව තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.