
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සීනි කිලෝග්‍රෑමයකට අයකළ ශත 25 බද්ද රුපියල් 50 දක්වා වැඩිකිරීම හේතුවෙන් රජයේ වාර්ෂික අදායම රුපියල් බිලියන 27කින් ඉහළ යන බව වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දු පවසයි.
ඊයේ ජනමාධ්‍ය අමතමින් ඇමැති ප්‍රනාන්දු සීනි සඳහා නවතම බදු වැඩි කිරීම සාධාරණීකරණය කරමින් මෙම දත්ත ඉදිරිපත් කළේය.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) ණය වැඩසටහනට ඇති කැපවීම සනාථ කිරීම සඳහා රජය විසින් සිය ආදායම ඉහළ නැංවීමේ පියවරක් ලෙස බදු ආදායම් ඉහළ නංවන බවත්, අවදානමට ලක්විය හැකි පුද්ගලයන් සඳහා රජයේ වියදම් සහ ගෙවීම් පියවීමට මෙම පියවර වැදගත් බවත් ඇමතිවරයා සඳහන් කළේය.
රජය මසකට සීනි මෙට්‍රික් ටොන් 45,000ක් ආනයනය කරන බවත් ඇමැතිවරයා මෙහිදී හෙළිකළේය.
රජය 2023 නොවැම්බර් 04 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සීනි සඳහා ආනයනික බද්දක් පනවමින් එක රැයකින් කිලෝග්‍රෑමයක් සඳහා ශත 25 සිට රුපියල් 50 දක්වා බදු වැඩි කළේය.
බදු සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටත් පෙර බදු සංශෝධන පිළිබඳ තොරතුරු පිටතට කාන්දුවී තිබුණු අතර, මෙරට කුප්‍රකට සීනි ආනයනකරුවකු බද්ද ක්‍රියාත්මක කිරීමට පෙර දිනයේ, බද්දට හසුනොවන ආකාරයෙන් සීනි මෙට්‍රික් 8500ක් මෙරටට ගොඩබා ඇති බව අනාවරණය විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart