
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් 2023 ආසියානු කුසලාන තරඟ පාකිස්ථානය වෙත ගෙන යෑමට පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ කළමනාකරණ කමිටුවේ සභාපති සකා අෂ්රෆ් යෝජනා කර තිබේ.
අෂ්රෆ්ගේ යෝජනාව පැමිණෙන්නේ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපති ජේ ෂා සමඟ පැවැත්වූ දුරකථන සංවාදයකින් පසුවය.
එහිදී ඔවුන් ශ්‍රී ලංකාවේදී පාකිස්තානය සහ ඉන්දියාව අතර වර්ෂාවෙන් බලපෑමට ලක් වූ තරඟය පිළිබඳව සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන්, ඊට පිළියමක් ලෙස ආසියානු කුසලාන තරඟ පකිස්ථානයට ගෙන යෑමට සකා අෂ්රෆ් යෝජනා කළර ඇති අතර, අවශ්‍ය නම් පාකිස්ථාන-ඉන්දියා තරඟ ඩුබායිහිදී පැවැත්විය හැකි බව විශේෂයෙන් සඳහන් කර තිබේ.
මේ අතර සැප්තැම්බර් 09 වැනිදා කොළඹදී මුලින් සැලසුම් කර තිබූ ආසියානු කුසලානයේ සුපිරි 04 අදියරේ තරග පල්ලෙකැලේ හෝ හම්බන්තොට වැනි විකල්ප ක්‍රීඩාංගණවලට ගෙනයාමේ හැකියාව පිළිබඳවද සළකා බැලෙමින් පවතින බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් හෙට හෝ අනිද්දා තීරණයක් ගනු ඇති බවද වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart