August 3, 2026

පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය සඳහා වූ පිරිවැය ඉහළ යාම හේතුවෙන් 2026 වසරේ පළමු භාගය (මුල් මාස 6) තුළ ශ්‍රී ලංකාවේ සමස්ත ඉන්ධන ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 3,168 ක් (ඩොලර් බිලියන 3.16 ක් පමණ) දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව අනාවරණය කරයි කරයි.

මෙය 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී සියයට 58.8ක (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) සැලකිය යුතු ඉහළ යාමකි.

මහබැංකු වාර්තාවලට අනුව, 2026 ජූනි මාසයේදී ද ඉන්ධන ආනයන වියදම පෙර වසරේ ජූනි මාසයට සාපේක්ෂව සියයට 40.2 කින් ඉහළ ගොස් තිබේ.

වාර්ෂික සංසන්දනයේදී ඉන්ධන වියදම ඉහළ අගයක පැවතුණද, 2026 අප්‍රේල් මාසයෙන් පසුව මසෙන් මස ඉන්ධන සඳහා වූ වියදම පහළ යාමේ සාධනීය ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව මහබැංකු දත්ත පෙන්වා දෙයි:

– අප්‍රේල් මාසයේදී: ඇමරිකානු ඩොලර් මිලියන 886 යි
– මැයි මාසයේදී: ඇමරිකානු ඩොලර් මිලියන 536 යි
– ජූනි මාසයේදී: ඇමරිකානු ඩොලර් මිලියන 465 යි

ඒ අනුව, අප්‍රේල් මාසයේ වාර්තා වූ උපරිම මට්ටමේ සිට මැයි සහ ජූනි මාසයන්හිදී ඉන්ධන ආනයන වියදම අඛණ්ඩව අඩු වී ඇති බව මහබැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.