
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඇන්ඩි මොරිසන් සමඟ පැවති කොන්ත්‍රාත් ගිවිසුම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ඇමෙරිකානු ඩොලර් 144,516.13ක, එනම් ආසන්න වශයෙන් රුපියල් මිලියන 48ක වන්දි මුදලක් ගෙවන ලෙස FIFA පාපන්දු විනිශ්චය මණ්ඩලය නියෝග කර තිබේ.
එම මුදලට වාර්ෂිකව සියයට 5ක පොලියක්ද එකතු වන බව සඳහන් වේ.
ඇන්ඩි මොරිසන් 2022 මැයි 11 වැනිදා ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වසර තුනක කොන්ත්‍රාත් ගිවිසුමක් යටතේ පත්කර තිබිණි.
කෙසේවෙතත්, 2024 අගෝස්තු මාසයේදී ඔහුගේ සේවය අවසන් කිරීමට පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබූ අතර, ඊට හේතුව ලෙස ඔහුගේ කැපවීම ප්‍රමාණවත් නොවීම සඳහන් කර තිබිණි.
මොරිසන් වෙනුවට වත්මන් ප්‍රධාන පුහුණුකරු අබ්දුල්ලා අල් මුටයිරි පත්කර ඇති අතර, 2027 AFC ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ කාම්බෝජයට එරෙහි තරග සඳහා ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම භාරගෙන තිබේ.
සේවයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව ඇන්ඩි මොරිසන් මේ සම්බන්ධයෙන් FIFA පාපන්දු විනිශ්චය මණ්ඩලය හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එහිදී ඔහු ඉල්ලා තිබූ වන්දි මුදලින් කොටසක් පිළිගත් FIFA විනිශ්චය මණ්ඩලය, ඔහුට අහිමි වූ ආදායම වෙනුවෙන් වන්දි ගෙවන ලෙස FFSLට නියෝග කර තිබේ.
එම නියෝගය ක්‍රියාත්මක නොකළහොත්, පාපන්දු සම්මේලනයට වෙත ලැබෙන FIFA Forward අරමුදල් වාරිකවලින් සියයට 20ක් රඳවාගැනීමට කටයුතු කරන බවටද FIFA විසින් අනතුරු අඟවා තිබේ.
2026 පෙබරවාරි මාසයේදී ලබාදුන් මෙම නියෝගය පාපන්දු සම්මේලනය විසින් මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොකර තිබූ අතර, FIFA තීරණය මෑතකදී හෙළිදරව් වීමෙන් පසුව ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.
FIFA නියෝගයට අනුව මුදල් ගෙවීමට පාපන්දු සම්මේලනය අපොහොසත් වීම හේතුවෙන් අප්‍රේල් මාසයේදී FIFA විසින් FFSL වෙත ලබාදෙන අරමුදල් සම්බන්ධයෙන් සීමා පැනවීමටද පියවර ගෙන තිබේ.
කෙසේවෙතත්, පාපන්දු සම්මේලනයට සභාපති ජස්වාර් උමර් පවසා ඇත්තේ, මොරිසන්ට ගෙවිය යුතු මුදල පාපන්දු සම්මේලනය වෙනුවෙන් FIFA විසින් ගෙවා, එම මුදල පාපන්දු සම්මේලනය වෙත ලැබීමට නියමිත අරමුදල්වලින් අඩු කරන ලෙස FIFA වෙතින් ඉල්ලා ඇති බවයි.
“ප්‍රතිඵල එතරම් යහපත් නොවූ නිසාත්, ඔහුට අවශ්‍ය කැපවීම නොතිබූ නිසාත් අපට ඔහුගේ සේවය අවසන් කිරීමට සිදු වුණා. FIFA පාපන්දු විනිශ්චය මණ්ඩලය හමුවේ අපි නියෝජනයක් සිදුකළේත් නැහැ. එය වියදම් අධික කටයුත්තක්. ඒ වගේම අපි මෙම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන්නේත් නැහැ. ඒ නිසා අප වෙනුවෙන් FIFA විසින් මෙම ගෙවීම සිදුකර, පාපන්දු සම්මේලනය වෙත ලැබීමට ඇති මුදලින් එය අඩුකරන ලෙස අපි ඉල්ලා තිබෙනවා” යනුවෙන් ජස්වාර් උමර් සඳහන් කර තිබේ.
මොරිසන් වෙනුවට පත්කළ අබ්දුල්ලා අල් මුටයිරි යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම FIFA ශ්‍රේණිගත කිරීම්වල සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවද වාර්තා වේ.
වසර 30කට පසු නැවතත් දකුණු ආසියානු පාපන්දු සම්මේලන කුසලානය (SAFF Cup) දිනා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට යමින් සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart