
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය ලබාදීමට එක් මන්ත්‍රීවරයකු කැමැත්ත පළකිරීමත් සමගම ටෙලෝ සංවිධානය 26 දා වන විට දෙකඩ වී ගොස් තිබේ.
ටෙලෝ සංවිධානයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු වන්නි පළාත නියෝජනය කරන අතර ඉන් එක් අයකු වන්නේ ටෙලෝ නායක සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයාය.
අනෙක් මන්ත්‍රීවරයා නෝහ රාධලිංගම් හෙවත් විනෝ වන අතර පසුගිය සතියේ ටෙලෝ සංවිධානයේ මධ්‍යම කාරක සභාව වවුනියාවේදී රැස්වූ අවස්ථාවේ මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ පොදු අපේක්ෂකයාට ටෙලෝ සංවිධානයේ පූර්ණ සහාය ලබාදිය යුතු බවට යෝජනාවක් සම්මත විය.
ඉන් දින දෙකකට පසුව ටෙලෝ සංවිධානයේ කිසිවකුටවත් නොදන්වා නෝහා රාධලිංගම් මන්ත්‍රීවරයා කොළඹ ගොස් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මුණගැසී මෙවර ජනාධිපතිවරණයේදී තමා සහ තම පාක්ෂිකයන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය ලබා දෙන බවට පොරොන්දු වී ඇත.
මේ ආරංචියත් සමගම පක්ෂයට නොදන්වා ජනාධිපතිවරයා හමුවීම මන්ත්‍රීවරයා කළ වරදක් බැවින් ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු සපයන ලෙස ලිඛිතව ලියවිල්ලක් හා චෝදනා පත්‍රයක් ටෙලෝ නායකයා හා කාරක සභාව විසින් මන්ත්‍රීවරයාට භාර දී ඇත.
ඔහු එම ලිපිය භාර ගැනීම ද ප්‍රතික්ෂේප කොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය ලබාදීමට පටන් ගැනීම නිසා ටෙලෝ සංවිධානය මේ වන විට දෙකඩ වී තිබේ.
සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයාගෙන් මේ පිළිබඳව තොරතුරු විමසූ විට ඔහු කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකි බව පැවසූ අතර, නෝහා රාධලිංගම් මන්ත්‍රීවරයා කියාසිටියේ තමන් මෙවර ජනධිපතිවරණයේදී තමන්ට සහාය පළකොට ඇති පාක්ෂිකයන් සමග එක්ව රනිල් වික්‍රමසිංහ ජනධිපතිවරයාට සහාය ලබාදෙන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart