March 21, 2026

පාරිභෝගික ආරක්ෂණ නීතිවලට අනුව වෙනත් සමාගමක සිලින්ඩර්වලට තවත් සමාගමක ගෑස් පිරවිය නොහැකි බවත්, එහි අවදානමක් ඇති බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන ප්‍රකාශ කරයි.

සභාපතිවරයා මේ අදහස් පළකර ඇත්තේ, ලාෆ් ගෑස් නොමැති වීම නිසා එම ගෑස් සිලින්ඩර් හිමිකරුවන්ට සිලින්ඩර් මාරුකර ගැනීමේ අවස්ථාවක් සලසා දෙන බවට සිදුවන ප්‍රචාරයක් සම්බන්ධයෙන් ‘සිළුමිණ’ කර ඇති විමසීමකදීය.

එහිදී, සිලින්ඩරයේ ප්‍රමිතිය, ගෑස්වල ප්‍රමිතිය ඇතුළු සියල්ල සම්බන්ධයෙන් සමාගම් වෙන් වෙන් වශයෙන් වගකිව යුතු බවද සඳහන් කරන සභාපතිවරයා, එවැනි හවුල් ක්‍රියාකාරිත්වයක් පිළිබඳ කිසිදු සාකච්ඡාවක් නැති බවද පවසා ඇත.

කෙසේවෙතත් ලාෆ් ගෑස් සමාගම සමඟ පැවැති සාකච්ඡාවකදී ඔවුන් ගෑස් නෞකාවක් ගෙනඑන්නේ යැයි පැවසූ බවත්, ඔවුන්ට හම්බන්තොට ගෑස් ටැංකිවල ගෑස් ගබඩා කිරීමට අවසර දී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගෘහස්ථ ගෑස් වෙළෙඳපොළෙන් 20 %ක හිමිකාරිත්වය දරන්නේ ලාෆ් ගෑස් සමාගමයි.