March 26, 2026

අන්තර්ජාල යෙදුමක් වන Pick Me සමග කුලී රථ ධාවනයේ යෙදෙන රියදුරෝ පිරිසක් අද එම ආයතනය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත වූහ.

ඔවුන් පෙන්වාදුන්නේ තමන්ට ගෙවන ගෙවීම්වල ගැටළු පවතින නමුත්, දීර්ඝ කාලයක් තිස්සේ ඒවාට විසඳුම් ලැබී නොමැති බවයි.

එසේම මෑතකදී ඉන්ධන මිල ඉහළ යෑමත් සමග ආයතනය විසින් කුලී රථ ගාස්තු ඉහළ නැංවූ නමුත්, එහිදී සිය පාර්ශවයට ලැබිය යුතු නියමිත කොටස Pick Me ආයතනය විසින් නොගෙවන බවටද ඔවුහු චෝදනා කළහ.