
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෛද්‍ය උපකරණ වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න ජූලි මස 15 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ස්නායු ශල්‍ය වෛද්‍යවරියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අධිකරණය ඇයව තවදුරටත් රිමාන්ඩ් භාරයට පත්කළ අතර, නඩුවට සම්බන්ධ අනෙක් සැකකරුවන් දෙදෙනාට ඇප නියම කර ඇත.
අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය ද ඊයේ ජූලි මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියට චෝදනා එල්ල වී ඇත්තේ රුපියල් 50,000ක් පමණ වටිනා වෛද්‍ය උපකරණ ඇය අනුබද්ධ පෞද්ගලික සමාගමක් හරහා රෝගීන්ට රුපියල් 175,000 ක මුදලකට අලෙවි කළ බවටය.
මෙම වංචාවේදී වෛද්‍යවරිය නිල රෝහල් ක්‍රියා පටිපාටි හරහා ශල්‍ය උපකරණ මිලදී නොගැනීමෙන් රාජ්‍ය සේවා ප්‍රසම්පාදන නීති උල්ලංඝනය කර ඇති බවත් අල්ලස් කොමිසම පවසයි.
ඒ වෙනුවට ඇයගේ පෞද්ගලික සමාගම හරහා රෝගීන් 300 කට ආසන්න පිරිසකට එම උපකරණ අලෙවි කර ඇති බව අල්ලස් කොමිසම වැඩිදුරටත් අනාවරණ කර තිබේ.
වෛද්‍ය මහේෂි විජේරත්න මොළය මියගිය බවට ප්‍රකාශ වූ රෝගීන්ට ද සැත්කම් සිදුකර ඇති බවද අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart