
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අග්නිදිග ආසියාවේ තනිව සංචාරයේ යෙදෙන නවසීලන්ත ජාතික 24 හැවිරිදි තරුණියක වන මොලී පසුගිය දිනවල වඩාත් අවධානයට ලක්ව තිබුණේ මෙරටදී එක් පුද්ගලයකු ඇය ඉදිරියේ අශෝභන ලෙස හැසිරීම සම්බන්ධයෙන් හෙළිදරව් කිරීම හේතුවෙනි.
ක්රයිස්චර්ච්හි සිට පැමිණි මොලී, පැවසුවේ එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය ගත් කඩිනම් ක්රියාමාර්ගය ගැන සතුටු වන බවයි.
කෙසේවෙතත්, ඇතැමුන් සිද්ධිය සම්බන්ධයෙන් තමාට දොස් පැවරීමට උත්සාහ කිරීම ගැන පුදුම වන බව ඇය සඳහන් කළාය.
සංචාරක ඉන්ස්ටග්රෑම් ගිණුමක ඇගේ වික්රමාන්විතයන් ලේඛනගත කරන මොලී, සිය අනුගාමිකයන්ට පවසා තිබුණේ එක් සිදුවීමක් මගින් රටක් හෝ කාන්තාවන් තනිව සංචාරය කිරීම ගැන වැරදි අර්ථකථන දිය යුතු නැති බව අවධාරණය කරමිනි.
“ඒ වීඩියෝව ඒ විදිහට ප්රසිද්ධ වෙයි කියලා මම කොහොමටවත් හිතුවේ නැහැ… නමුත් එය කාන්තාවන්ගේ ආරක්ෂාව, තනිව ගමන් යෑම සහ අපි තවමත් මුහුණ දෙන යථාර්ථය පිළිබඳ සැබෑ සංවාදක් ආරම්භ කරනවා නම්, එය වටිනවා,” යනුවෙන් ඇය ලිවීය.
එක් පුද්ගලයකුගේ හැසිරීම ශ්රී ලංකාව පිළිබඳ ඇති පැහැදීමට නැති කර ගැනීමට ඉඩ නොදෙන ලෙසද මොලී ජනතාවගෙන් ඉල්ලා සිටියාය.
ඇගේ මාසයක ගමන පුරාම ආරක්ෂිත බවක් දැනුණු බව ශ්රී ලංකාව ‘ඇදහිය නොහැකි ස්ථානයක්’ ලෙසත් ඇය පවසා තිබිණි.
කාන්තාවන්ට බියෙන් තොරව සහ ඕනෑම තැනකට ගමන් කිරීමට හැකි විය යුතු බව ඇය අවධාරණය කළාය.
ඇයගේ ආධාරකරුවන්ට සහ ශ්රී ලංකා සංචාරක පොලිසියට ඔවුන්ගේ කඩිනම් ක්රියාමාර්ගය වෙනුවෙන් ස්තූති කළ ඇය, “අපි සංවාදය දිගටම කරගෙන යමු, නමුත් ලෝකය යහපත් මිනිසුන්ගෙන් පිරී ඇති බව මතක තබා ගනිමු” යනුවෙන්ද පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart