
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ විසින් ක්‍රීඩාවට අදාළ වැරදි වැළැක්වීම සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පත්කර ඇත.
ඒ අනුව, ඇමැතිවරයාගේ අත්සනින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් විශේෂ විමර්ශන ඒකකය පත්කර ඇති අතර, එම කමිටුව 2023 පෙබරවාරි 15 වැනිදා සිට වසර තුනක කාලයක් සඳහා ක්‍රියාත්මක වේ.
සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්.ඒ. ජයනාත් වනසිංහ මෙම විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ සහ ප්‍රධානී ලෙස කටයුතු කරනු ඇත.
පනතේ නීතිමය විධිවිධාන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා 2019 අංක 24 දරන ක්‍රීඩාවලට අදාළ වැරදි වැළැක්වීමේ පනතේ 21 වැනි වගන්තිය අනුව විශේෂ විමර්ශන ඒකකය පත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart