
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාසල් සිසුන්ගේ මාපියන් ඉලක්ක කර ගනිමින් සිදුකෙරෙන මූල්‍ය වංචාවක් පිළිබඳව ප්‍රදේශ කිහිපයකින් වාර්තා වේ.
මේ සම්බන්ධ සිද්ධීන් කිහිපයක් පිළිබඳව ලැබුණු පැමිණිලි මත පොලිසිය මෙම වංචාව ගැන විමර්ශනයක් ආරම්භ කර ඇත.
තම දරුවා දැඩි ලෙස රෝගාතුර වී ප්‍රතිකාර අවශ්‍ය බව පවසමින් පාසල් බලධාරීන් ලෙස පෙනී සිටින මෙම ජාවාරම්කාර කල්ලිය මාපියන් අමතා, දරුවන්ට ප්‍රතිකාර සඳහා වහාම මුදල් තැන්පත් කළ යුතු බවට පවසා ඇතැයි වාර්තා වේ.
කොළඹ ප්‍රසිද්ධ පාසලක දරුවෙකුගේ පියෙකුටද මෙවැනිම ඇමතුමක් ලැබී ඇතත් නීතීඥයෙකු ලෙස ඔහු පාසල් බලධාරීන් සමග කතා කර පසුව එය වංචාවක් බව අනාවරණය කරගෙන ඇත.
එමෙන්ම කුරුණෑගල ප්‍රදේශයේ බැංකුවක සේවය කරන පුද්ගලයකුටද මෙවැනිම දුරකථන ඇමතුමක් ලැබී රෝහලට ගිය නමුත් පසුව පාසල් බලධාරීන් සමඟ සකච්ඡා කර වංචාව හඳුනා ගැනීමෙන් පසු මුදල් තැන්පත් කිරීම වැළැකී තිබේ.
කුරුණෑගල තවත් ප්‍රධාන පෙළේ පිරිමි පාසලක ඉගෙනුම ලබන සිසුවෙකුගේ පියාට ද මෙවැනිම ඇමතුමක් ලැබී ඇති නමුත් බලධාරීන් විසින් දරුවා හොඳින් පන්තියේ සිටින බවට සහතික වී දරුවාගේ සීයා පාසලට යවා වංචාව හෙළි කරගෙන ඇත.
ඇතැම් මවුපියන් තම දරුවන්ගේ ආරක්‍ෂාව තහවුරු කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම වංචාකරුවන් වෙත මුදල් තැන්පත් කර ඇති බව පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.
මේ අතර වංචනිකයන්ට රැවටීමෙන් රෝහල් කරා යන මවුපියන්ගේ නිවෙස්වලට කඩා වැදී මංකොල්ලකෑම් සිදුකර ඇති බව ද අනාවරණය වී ඇත.
මෙවැනි වංචාවලට හසු නොවන ලෙසත්, අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට පෙර තොරතුරු තහවුරු කර ගන්නා ලෙසත්, පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart