
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිය ප්‍රාන්තයෙන් 2024 ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්විය නොහැකි බවට කොලරාඩෝ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුකර තිබේ.
ඊට හේතුව ලෙස කොලරාඩෝ ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වාදෙන්නේ ඔවුන්ගේ 14 වැනි සංශෝධනයේ එන “කැරලිවාදී තහනම” යන වගන්තිය ඩොනල්ඩ් ට්‍රම්ප්ට අදාළ වන බැවින් ඔහු අපේක්ෂකයකු වීමට සුදුසු නොවන බැවින් ප්‍රාන්තයේ ඡන්ද පත්‍රිකාවෙන් ඔහු ඉවත්කෙරෙන බවයි.
ට්‍රම්ප් 2021 ජනවාරි 6 වැනිදා පැවැති කැරැල්ලේ නිරත වූ බවට නඩු විභාගයේ විනිසුරුවරයකුගේ තීරණය අධිකරණය විසින් අනුමත කරන ලද අතර, තහනම ජනාධිපති ධුරයට අදාළ නොවන බවට වූ විනිසුරුවරගේ නිගමනය අවලංගු කළේය.
එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයට යම් අභියාචනයක් ඉදිරිපත් කරන තෙක් උසාවියේ 4 -3ක් ලෙස ප්‍රකාශයට පත් වූ තීන්දුව ජනවාරි 4 දක්වා කල්තබනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart