May 22, 2026

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පාලනයකින් තොරව සීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් රජය බරපතල ගැටලුවකට මුහුණදී ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පෙන්වාදෙන්නේ, පැහැදිලි ආර්ථික සැලැස්මක් නොමැතිකම සහ මෙරට විදේශ සංචිත ඉහළ නැංවීමට රජය අසමත්වීම හේතුවෙන් එක්සත් ජනපද ඩොලරයේ අනුපාතය වේගයෙන් ඉහළ ගොස් ඇති බවයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට මාස 20කට පෙර වර්තමාන ආණ්ඩුවට රට භාරදෙන විට ඩොලරයේ අගය රුපියල් 292ක් ලෙස පැවති බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි.

මේ වනවිට එය රුපියල් 354 දක්වා ඉහළ ගොස් ඇත්තේ, හිටපු ජනාධිපතිවරයා විසින් ආරම්භ කරන ලද ආර්ථික වැඩසටහන අඛණ්ඩව කරගෙන යෑමට වත්මන් ආණ්ඩුව අපොහොසත්වීම හේතුවෙන් බවටද එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි.