
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කුරුන්දි විහාරය අවට ඇති බොහෝ ස්ථානයන්හි විවිධ බෞද්ධ ආරාමවල නටඹුන් ඇති බැවින්, එම ඉඩම් ‘හිතුමතේ’ ජනතාවට බෙදාදීම සුදුසු නැතැයි, පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය එල්ලාවල මේධානන්ද හිමියෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලිපියක් යොමු කරමින් සඳහන් කරති.
එමෙන්ම බෞද්ධ ආරාමයන් අසල ජාතිවාදී අරගලයන්ට සහාය ලබාදෙන පුද්ගලයන්ට ඉඩම් ලබාදීම නුසුදුසු බවද මේධානන්ද හිමි එම ලිපියෙහි පෙන්වාදී තිබේ.
මෙම ඉඩම් ලබාදීමෙන් බලාපොරොත්තු වී ඇත්තේ බෞද්ධ නටඹුන් අසල ජාතිවාදීන්ට ජනපද අත්කර දීම බවද මේධානන්ද හිමියෝ පවසති.
එසේම මෙම ඉඩම්වල අයිතිය පැවරීම නොකළයුතු බවත්, එසේ බෙදාදුන් පසු අනාගතයේදී ඉන් විශාල විනාශයක් සිදුවිය හැකි බවත්, උන්වහන්සේගේ ලිපියේ සඳහන් වේ.
එමනිසා ඉඩම් බෙදාදීමේ ක්‍රියාවලිය නවතා දමන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටින බවද මේධානන්ද හිමියන් එසිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart