
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2024 දී මත්පැන් බලපත්‍රයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමේ ද්වේෂසහගත හා අත්තනෝමතික තීරණය වෙනුවෙන්, මත්පැන් අලෙවි කිරීමේ ව්‍යාපාරයේ නියැලී සිටින සමාගමකට රුපියල් 50,000 ක ‘ආදර්ශමත් වන්දියක්’ ගෙවන ලෙස අභියාචනාධිකරණය බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම්වරියට නියෝග කර තිබේ.
අධිකරණ තීන්දුවේදී, අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් දිස්නා ජයසිංහට බලපත්‍ර ගාස්තුව පිළිගෙන F.L.4 බලපත්‍රය, පෙත්සම්කරු වන එලිෂා ඉන්ඩස්ට්‍රීස් (පෞද්ගලික) සමාගමට නිකුත් කරන ලෙස නියෝග කරමින් මැන්ඩමුස් ආඥාවක් නිකුත් කළේය.
විශේෂයෙන් 2024 ජූලි 24 වැනි දින බලපත්‍රය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමේදී, ප්‍රාදේශීය ලේකම්වරිය ද්වේෂසහගත ලෙස ක්‍රියාකළ බවත්, ඇයගේ හැසිරීම අනිසි බවත් අධිකරණය නිගමනය කළේය.
ප්‍රාදේශීය ලේකම්වරිය විසින් නිකුත් කරන ලද ලිපි කිහිපයක් පරස්පර විරෝධී බවත්, තර්කානුකූලව පිළිගත නොහැකි බවත්, සැළකිව යුතු ප්‍රමාණයකට ඒවා අසත්‍ය බවත් අධිකරණය තවදුරටත් නිරීක්ෂණය කළේය.
“මෙම කරුණු, බැලූ බැල්මට අසත්‍ය සහ වැරදි වන අතර, පළමු වගඋත්තරකරු විසින් මෙම අධිකරණයට ඉදිරිපත් කරන ලද දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර ඇත. මෙය සිවිල් අපහාසයකට සමාන වේ,” විනිසුරු කුලතුංග සඳහන් කළේය.
පෙත්සම්කරු F.L.4 බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍ය සියලුම අවශ්‍යතා සහ කොන්දේසි සපුරා ඇති බවත්, සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සහ අමාත්‍යවරයා යන දෙදෙනාම අවශ්‍ය අනුමැතීන් සහ උපදෙස් ලබාදී ඇති බවත් අධිකරණය සඳහන් කළේය.
“අදාළ ගාස්තු ගෙවා පිළිගෙන ඇත. මහජන විරෝධතා පිළිබඳ ගැටළුව සහ නීතිය හා සාමය පවත්වා ගැනීමට ඇතිවිය හැකි තර්ජනය බලපත්‍රය නිකුත් කිරීමට තීරණය කර ඇති සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නිසි ලෙස සළකා ඇත. මෙම තත්වයන් යටතේ, පෙත්සම්කරුට බලපත්‍රය නිකුත් කිරීම අත්හිටුවීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ප්‍රාදේශීය ලේකම්වරයාට නීත්‍යානුකූලව අයිතියක් නැත” විනිසුරු කුලතුංග තවදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart