
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සම්බුද්ධ දේශනාව විකෘති කරන්නන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පවසා ඇත.
ඔහු එසේ ප්‍රකාශ කර ඇත්තේ, ‘දිනමිණ’ සමඟ අදහස් දක්වමිනි.
විහාර දේවාලගම් පනත වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකර ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත දැනටමත් යවා තිබෙන බවද ලේකම්වරයා එහිදී පවසා ඇත.
අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් මෙසේද පවසා ඇත.
“මේ දිනවල ශ්‍රී සද්ධර්මය විකෘති කරමින් විවිධ පාර්ශ්වයන් විසින් කරනු ලබන ප්‍රකාශ සම්බන්ධයෙන් මහා නායක ස්වාමීන් වහන්සේලා විසින් ජනාධිපතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව එම ධර්මය විකෘති කරන්නන් සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරනවා. මේ වන විටත් මහා නායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා පරිදි දැනට ක්‍රියාත්මකව පවතින විහාර දේවාලගම් පනත වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකර ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත දැනටමත් යවා තිබෙනවා. ඒ තුළින් අපේක්ෂා කරන්නේ ශ්‍රී සද්ධර්මය විකෘති කරන යම් යම් පාර්ශ්වයන් වෙත එම විකෘති කිරීමට එරෙහිව නීතිය මගින් ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට නීති ප්‍රමාණවත් නොවන බැවින් ඒ සඳහා වන අවශ්‍ය මූලික නීතිය සකස් කර ගැනීමයි. ඒ තුළින් නිර්මල ථෙරවාදී බුදු දහම තවත් සියවස් ගණනාවක් ලෝකය තුළ පැවතීම සඳහා අවශ්‍ය පරිසරය සකස් වෙනවා.
ත්‍රෙයිනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා පරිදී දැනට ධර්මය විකෘති කරන්නන් පිළිබඳව නීතිමය පියවර ගැනීම සඳහා ත්‍රිපිටකය හා බෞද්ධ සාහිත්‍ය සම්බන්ධ තොරතුරු ජනගත කිරීම සඳහා ක්ෂේත්රය සම්බන්ධයෙන් විද්වතුන්ගෙන් සමන්විත මණ්ඩලයක් මේ වන විටත් අමාත්‍යාංශය පත්කර තිබෙනවා. ආචාර්ය අකුරැටියේ නන්ද ස්වාමීන් වහන්සේ, මහාචාර්ය මාවතගම පේමානන්ද ස්වාමීන් වහන්සේලා ඇතුළු තවත් ස්වාමීන් වහන්සේලා එයට ඇතුළත්.
ඒ වගේම පුරාවිද්‍යාව හා ඵෙතිහාසික සාධක සම්බන්ධයෙන් කරන විකෘතින්, ප්‍රකාශයන් නිවැරදි නොවන බවට පෙන්වා දීමට පුරාවිද්‍යාඥයන්ගෙන් හා ඉතිහාසඥයින්ගෙන් සමන්විත කමිටුවක් කටයුතු කරමින් තිබෙනවා. පුරා විද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේගේ උපදේශකත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා. මේ සඳහා පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාද සම්බන්ධයි. එමෙන් සිවුරු දරාගෙන ධර්මය විකෘති කරන ස්වාමීන් වහන්සේලා සම්බන්ධයෙන්ද ක්‍රියා කිරීම සඳහා දැනටමත් අමාත්‍යාංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඒ සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග අරගෙන තිබෙනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart