
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැනට හමුදා භාවිතය යටතේ පවතින යාපනය සහ පලාලි ප්‍රදේශවල පෞද්ගලික ඉඩම් නිදහස් කිරීමේ ප්‍රගතිය ඇගයීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමක් පවත්වා තිබේ.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහ වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු යන යන පිරිසගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි.
ජාතික සංහිඳියා ක්‍රියාවලියේ මූලික අංගයක් වන ඉඩම් ආශ්රිත ගැටළු විසඳීම සඳහා රජයේ උත්සාහයන් වේගවත් කිරීම වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු අතරට මායිම් නැවත සලකුණු කර අවසන් කිරීම, වන්දි ක්‍රියාවලිය කඩිනම් කිරීම, නිදහස් කිරීම සඳහා ඉඩම් කට්ටිවලට ප්‍රමුඛතාව දීම සහ පරිපාලන බාධක ජය ගැනීම ආදිය ඇතුළත් වූ බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
වැදගත් ආරක්ෂක යටිතල පහසුකම්වලට හානි නොකර නීත්‍යනුකූල ඉඩම් හිමියන්ට ඔවුන්ගේ දේපළ නැවත ලබා ගැනීමට හැකිවන විනිවිද පෙනෙන සහ සාධාරණ ක්‍රියාවලියක වැදගත්කම මෙහිදී අවධාරණය කළ බව ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා සහ ආරක්ෂක හා පරිපාලන අංශවල අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම සැසිවාරයට සහභාගී වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart