
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ හයවැනි වාරිකය ලබාදීමට පෙර පැවැත්වෙන පස්වැනි සමාලෝචනයේ මධ්‍යම අදියර වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
ආර්ථික වශයෙන් බංකොලොත් වී තිබූ රට ඉන් මුදාගෙන සංවර්ධනය කරා රැගෙනයාම රජයේ ප්‍රධාන අරමුණක් බවත්, ඒ සඳහා උපායමාර්ගික වැඩපිළිවෙලක් රජයට පවතින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී පැවසීය.
එම වැඩපිළිවෙල සාර්ථක කරගැනීමේ ක්‍රියාවලියේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදල ලබාදෙන සහාය ඉතා අගය කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ආර්ථික පුනර්ජීවනයක් අත්පත් කර දියහැකි රටක් ලෙස මේ රට සංවර්ධනය කිරීමට නම් අන්තර්ජාතික මූල්‍ය අරමුදල ලබා දී ඇති ඉලක්ක ද අභිබවා යාමේ අවශ්‍යතාව රජය හඳුනාගෙන ඇති බවත්, ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් රජය සතුව ඇති බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වාදුන්නේය.
ආර්ථික පුනර්ජීවනයක් අත්කර ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට නම් දේශීය හා විදේශීය ආයෝජකයි තවදුරටත් කැඳවාගත යුතුව ඇති බව පෙන්වාදුන් ජනාධිපති අනුර කුමාර දිසානායක, ඒ වෙනුවෙන් ආයෝජනයට හිතකර පරිසරයක් රට තුළ නිර්මාණය කළ යුතුව ඇති බවද අවධාරණය කළේය.
බිදවැටී තිබූ මෙරට ආර්ථිකය ගොඩගැනීමට රජය ගෙන ඇති පියවර පිළිබඳ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ අගය කළ අතර, ඒ සඳහා ඉදිරියේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද දෙපාර්ශ්වය තවදුරටත් සාකච්ඡා කළහ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ආර්. අපොන්සු, ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක්ද, අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙනුවෙන් එහි දූත මණ්ඩල ප්‍රධානී Evan Papageorgiou, එහි මෙරට නිත්‍ය නියෝජිත Martha woldemichael ඇතුලු නියෝජිතයන් පිරිසක් සහභාගී වූහ.(PMD)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart