
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රමුඛ පෙළේ රබර් අත්වැසුම් නිෂ්පාදන සමාගමක් වන Dipped Products PLC තායිලන්තය පදනම් කරගත් රබර් අත්වැසුම් නිෂ්පාදන මධ්‍යස්ථානයක් අත්පත් කර ගැනීම සඳහා කටයුතු කරමිනි සිටී.
එම සමාගම නිවේදනය කළේ එහි අධ්‍යක්ෂ මණ්ඩලය ඒ වෙනුවෙන් මූලික අනුමැතිය ලබා දී ඇති බවයි.
ආසන්න වශයෙන් ඩොලර් මිලියන 11ක ගනුදෙනුවකට අදාළ මෙම අත්පත් කර ගැනීම නිසි කඩිසර අධ්‍යයනයකට යටත් වේ.
යෝජිත අත්පත් කර ගැනීම සමාගමේ අනුබද්ධිත සමාගමක් වන Dipped Products (Thailand) Ltd හරහා සිදු කෙරෙනු ඇත.
මෙම උපායමාර්ගික පියවර මගින් සමාගමේ නිෂ්පාදන හැකියාවන් පුළුල් කිරීමට සහ ගෝලීය වෙළෙඳපොළ තුළ එහි පැවැත්ම ඉහළ නැංවීමට අපේක්ෂා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart