
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරිට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියම කළ වසර තුනක සිරදඬුවමට එරෙහිව ඔහු විසින් කොළඹ මහාධිකරණයට ගොනුකරන ලද ප්රතිශෝධන අයැදුම්පත ප්‍රතික්ෂේප කරමින් මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථීර කළේය.
පෙරකී නියෝග බලරහිත කර තමන් සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලද නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ගොනුකර තිබූ එකි අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන හා සම්පත් විජේරත්න විසින් පසුගිය 12 වැනිදා එම නියෝගය නිකුත් කොට තිබේ.
විත්තිකරු 2007 වසරේ මාතලේ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා ඔහු යටතේ සේවය කළ ග්‍රාම ආරක්ෂක නිලධාරීන් යොදවා ගත් බවට චෝදනා එල්ල වී තිබූ අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව චෝදනා 15ක් යටතේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.
එම නඩුව විභාග කළ එවකට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ වර්තමාන මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න චෝදනා හයකට ඔහු වරදකරු කරමින් වසර හයක සිරදඬුවම් නියම කර එය වසර තුනකින් ගෙවී යන ලෙස ලබාදීමට නියෝග කර තිබිණි.
එයට අමතරව රුපියල් ලක්ෂ තුනක දඩයක්ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය 2019.07.02 වැනිදා ලබාදුන් තීන්දුව මගින් නියම කර තිබිණි.
එකී මහෙස්ත්‍රාත් අධිකරණ තීන්දුවට එරෙහිව හෙක්ටර් ධර්මසිරි ගොනුකර තිබූ ප්රතිශෝධන අයැදුම්පත මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කොට තිබූ අතර, ඒ අනුව ඔහු සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට එම පෙත්සම ගොනුකර තිබිණි.
එම පෙත්සම කඳවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනීසිටි සහකාර අධ්යක්ෂ (නීති) අනුෂා සම්මන්දප්පෙරුම කරුණු දක්වමින්, උගත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් ඔහුට එකී දඬුවම නියමකර ඇත්තේ සියලු සාක්ෂි සලකා බැලීමෙන් අනතුරුව බවත්, තම කොමිෂන් සභාව විසින් ගොනුකර තිබූ චෝදනා 15 අතරින් විත්තිකරු වරදකරු කර ඇත්තේ චෝදනා හයකට පමණක් වන අතර සෙසු චෝදනා නවයෙන්ම ඔහු නිදොස් කොට නිදහස් කිරීම මගින්ම මහෙස්ත්‍රාත්වරිය ලබාදුන් තීන්දුව සාධාරණ බව මනාව පෙනී න්නේ යැයිද කියා සිටියාය.
විත්තිකරු ගොනුකළ ප්රතිශෝධන අයැදුම්පතද විභාග කළ මහාධිකරණය විත්තිකරුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත්තේ මනාව සලකාබැලීමෙන් අනතුරුව බැවින් එකී පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ප්‍රතික්ෂේප කරන ලෙසටද අනුෂා සම්මන්දප්පෙරුම විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart