
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලංකාවේ බටහිර වෙරළේ මුහුදු කැස්බෑවන් ගණනාවකගේ මරණයට හේතුව ඩයිනමයිට් යොදා මසුන් මැරීම බවට සැකකෙරේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු වාර්තා අනාවරණය කරන ආකාරයට, මුහුදු කැස්බෑ මළ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණවලින් මරණයට හේතුව පිපිරීම් බවට තොරතුරු අනාවරණය වී ඇත.
කැස්බෑ මළ සිරුරු 15 ක පමණ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කර ඇති අතර, පිපිරීම් මගින් නිකුත් කරන ලද කම්පන තරංග හේතුවෙන් මෙම මරණ සිදුවී ඇති බව සොයාගෙන තිබේ.
කෙසේවෙතත්, 2020 දී බටහිර මුහුදු තීරයෙන් ඔබ්බෙන් වූ මුහුදට රසායනික ද්‍රව්‍ය, ප්ලාස්ටික් නර්ඩ්ල්ස් සහ වෙනත් ද්‍රව්‍ය ටොන් දහස් ගණනක් මුදා හරින ලද විනාශකාරී එක්ස් ප්‍රෙස් පර්ල් (MV X-Press) නෞකා අනතුර හේතුවෙන් සිදුවූ සාගර විනාශය මෙම කැස්බෑ මරණවලට හේතුව විය හැකිද යන්න පිළිබදවද අවධානය යොමුව ඇතැයි පැවසේ.
එක්ස් ප්‍රෙස් පර්ල් ව්‍යසනය හේතුවෙන්ද මෙරට සාගර පරිසරයට දැවැන්ත හානියක් සිදුවිය.
මේ අතර, සමුද්‍ර සංරක්‍ෂණ සංවිධානයක් වන ‘ද පර්ල් ප්‍රොටෙක්ටර්ස්’ ද අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙම මරණවලට හේතුව බොහෝ දුරට හික්කඩුව ප්‍රදේශයේ සිදුකර මසුන් ඇල්ලීම සඳහා වූ පිපිරීම් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart