
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ආර්ථිකයේ ස්ථාවරත්වය සහ ඉදිරි ගමන සනිටුහන් කරමින්, 2026 වසරේ පළමු කාර්තුව (ජනවාරි – මාර්තු) සඳහා වන දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධන වේගය සියයට 5.1 ක ධනාත්මක අගයක් ගෙන ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කර තිබේ. මෙරට ජාතික ගිණුම් ඇස්තමේන්තු ප්‍රකාශයට පත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේය.
මෙම වර්ධනය රටේ නිෂ්පාදන සහ සේවා අංශයන්හි සිදුවෙමින් පවතින සාධනීය පිබිදීම මනාව පිළිඹිබු කරන්නකි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව, 2015 මූලික වර්ෂයේ ස්ථාවර මිල ගණන් යටතේ 2025 වසරේ පළමු කාර්තුවේදී රුපියල් මිලියන 3,476,664 ක් ලෙස සටහන් වූ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය, 2026 වසරේ අදාළ කාලසීමාව තුළදී රුපියල් මිලියන 3,652,503 ක් දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.
එපමණක් නොව, වෙළෙඳපොළේ වත්මන් මිල ගණන් යටතේ සලකා බැලීමේදී ද ආර්ථිකයේ විශාල ප්රසාරණයක් දක්නට ලැබේ. ඒ අනුව, 2025 පළමු කාර්තුවේදී රුපියල් මිලියන 8,253,485 ක් ලෙස සටහන් වූ වත්මන් මිල ගණන් යටතේ දදේනි අගය, 2026 වසරේ පළමු කාර්තුව වන විට රුපියල් මිලියන 9,164,652 ක් දක්වා වර්ධනය වී තිබේ.
මෙය වත්මන් මිල අනුව දදේනියේ සියයට 11.0 ක කැපී පෙනෙන ධනාත්මක වෙනසක් සනිටුහන් කිරීමකි.
ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන ජීවනාලිය බඳු වූ ක්ෂේත්‍ර ත්‍රිත්වය වන කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ සේවා අංශයන් මෙවර ද දළ දේශීය නිෂ්පාදිතය සඳහා සිය දායකත්වය උපරිමයෙන් ලබා දී ඇත. මෙරට ආර්ථිකයේ විශාලතම පංගුව හිමිකර ගනිමින් සමස්ත දදේනියට සියයට 54.2 ක දායකත්වයක් සැපයීමට සේවා අංශය සමත් වී තිබේ. බැංකු හා මූල්‍ය, ප්‍රවාහන, තොරතුරු තාක්ෂණ සහ සංචාරක වැනි උප අංශවල වර්ධනය මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත.
නිෂ්පාදන, ඉදිකිරීම් ඇතුළු කර්මාන්ත ක්ෂේත්රය සමස්ත දළ දේශීය නිෂ්පාදිතයට සියයට 27.2 ක දායකත්වයක් ලබා දෙමින් ආර්ථිකයේ දෙවන ශක්තිමත්ම බලවේගය බවට පත්ව ඇත.
කාගෙත් අවධානයට ලක්වන කෘෂිකර්මාන්ත අංශය සමස්ත ආර්ථිකයට සියයට 7.3 ක දායකත්වයක් සපයා තිබේ.
මීට අමතරව, ආර්ථිකයේ නිෂ්පාදන මත අය කෙරෙන සහනාධාර අඩු කළ බදු ප්‍රමාණය 2026 වසරේ පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 11.3 ක ප්‍රතිශතයක් නියෝජනය කිරීමට සමත් වී ඇත.
2026 වසරේ පළමු කාර්තුවෙන් පෙන්නුම් කරන මෙම සියයට 5.1 ක ආර්ථික වර්ධනය, පසුගිය කාලසීමාව පුරා මෙරට පැවැති ආර්ථික අර්බුදකාරී වටපිටාවෙන් මිදී රට ස්ථාවර මාවතකට අවතීර්ණ වෙමින් පවතින බවට ලැබුණු කදිම සහතිකයකි. උද්ධමනය පාලනය වීම, දේශීය නිෂ්පාදන ධාරිතාව ඉහළ යාම සහ මූල්‍ය ප්‍රතිපත්ති නිවැරදි දිශාවට ගමන් කිරීම හරහා වසරේ ඉදිරි කාර්තු තුළදී ද මෙම ධනාත්මක ප්‍රවණතාව තවදුරටත් ඉදිරියටම පවතිනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ විශ්වාසය පළ කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart