
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) ප්රමුඛ දෙමළ ජාතික සභාව නියෝජනය කරන දූත පිරිසක් සිකුරාදා (ජූලි 03) චෙන්නායි නුවරදී තමිල්නාඩු මහඇමති සී. ජෝසප් විජේ හමුවී ශ්‍රී ලාංකික දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කර තිබේ.
දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම නියෝජිත පිරිස, තමිල්නාඩු රාජ්‍ය ලේකම් කාර්යාලයේදී මහඇමතිවරයා හමුවූ අතර එහිදී ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් ඇතුළත් ලේඛනයක් මහඇමතිවරයා වෙත භාර දී ඇත.
ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලාංකික දෙමළ ජනතාව දැනට මුහුණ දෙන දේශපාලන හා මානව හිමිකම් ගැටලු, දෙමළ ජාතියේ ස්වෛරීභාවය පිළිගන්නා ෆෙඩරල් දේශපාලන විසඳුමක ඇති අවශ්‍යතාවය සහ ඊළාම් දෙමළ ජනතාවට සිදුවූ බව කියන හිංසනයන් සම්බන්ධයෙන් ස්වාධීන අන්තර්ජාතික පරීක්ෂණයක් පැවැත්වීම පිළිබඳව අවධානය යොමු කර තිබේ.
මීට අමතරව, ඉන්දීය සහ ශ්‍රී ලාංකික දෙමළ ධීවරයන්ට බලපාන ගැටලුවලට ස්ථිර විසඳුමක් ලබාදීමේ අවශ්‍යතාවය මෙන්ම ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන්ගේ දිගුකාලීන ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී ඇත.
හත්දෙනකුගෙන් සමන්විත මෙම නියෝජිත පිරිසට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන්, දෙමළ ජාතික හරිත ව්‍යාපාරයේ නායක පොන්නුතුරෙයි අයිංගාරනේෂන්, ප්රජාතන්ත්රවාදී දෙමළ ජාතික පක්ෂයේ නායක කේ.වී. තවරාසා, ටී.එන්.පී.එෆ්. ජාතික සංවිධායක ධරුමලිංගම් සුරේෂ්, නිල මාධ්‍ය ප්‍රකාශක කනගරත්නම් සුකාෂ් සහ ප්‍රතිපත්ති ලේකම් නඩරාජා කන්දීපන් යන පිරිස ඇතුළත්ව තිබේ.
මෙම විශේෂ හමුව චෙන්නායි හි පිහිටි තමිල්නාඩු රජයේ ලේකම් කාර්යාලයේදී පවත්වා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart