
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලාංකික විශ්‍රාමික හමුදා නිලධාරීන්ට රුසියාවට සංචාරක වීසා මත යෑමේදී දැන් ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය අවශ්‍ය වන බව විදේශ ඇමැති අලි සබ්රි ප්‍රකාශ කරයි.
සිය ‘X’ ගිණුමෙහි සටහනක් තබමින් ඇමැති සබ්රි පවසා ඇත්තේ, අද කොළඹ රුසියානු තානාපති Levan S. Dzhagaryan සමඟ මේ සම්බන්ධයෙන් ඵලදායී හමුවක් පැවැති බවයි.
රුසියානු-යුක්රේන ගැටුමේ යෙදී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ හදිසි තත්ත්වය පිළිබඳව අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව විදේශ ඇමැතිවරයා සඳහන් කර ඇත.
මෙම ගැටලු විසඳීමට කඩිනම් පියවර ගැනීමටද සාකච්ඡාවේදී එකඟවී තිබේ.
“විශ්‍රාමික සෙබළුන්ගේ සංචාරක වීසා සඳහා රුසියාවට දැන් ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය අවශ්‍ය වනු ඇත. ඉදිරියේදී පැවැත්වීමට නියමිත විදේශ කටයුතු රාජ්‍ය ඇමැතිවරයාගේ රුසියානු සංචාරයෙන් මේ සම්බන්ධයෙන් විසඳුම් සෙවීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට හැකියාව ලැබේවි.” යැයි විදේශ ඇමැති අලි සබ්රි වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart